/*--------------------------------------------------------------------------------*/

එක කුස නූපන් මගේ මල්ලිට ලියමි..


එදා උඹ කුරුලු පැටියෙක්...ජීවිතේ වසන්තය හොයපු...
උණුසුමක් නොතිබුනු උඹ උපන් කැදැල්ල උණුසුම් කරන්න වෙර දරපු...
දුක් විදින උඹෙ අම්මට නංගිට අනාගතය වෙච්ච...
අපි හැමෝටම අහිංසකකමේ පාඩම කියාදුන්න...

එහෙව් උඹට අද එරෙහි වෙලා ස්වභාව ධර්මයය, කපා දමලා උඹෙ අත්තටු දෙකම..
උඹෙ පිරිසිදු හිත,අහිංසක හදවත,අධිෂ්ඨානය ස්වභාව ධර්මයය පරද්දපු නිසා වෙන්න ඇති..
සාපවේවා ස්වභාව ධර්මයයට..මේකද උඹේ සාධාරණත්වය !!!

අද උඹ කුරුලු පැටියෙක්... ජීවිතය සොයන...
උඹෙ සුදුමැළි ගත..
මළානික වු උඹේ වත..
ඉරණමට බියෙන් වෙවුලන උඹෙ අහිංසක සිත.. අහිංසක සිත..
දවා අලුකරයි මා... අපි සැවොම...

මුහුණ දිහා බලාගෙන හිනැහෙන විට උඹ මාත් එක්ක
අවංක හිතින් කොහොම හිනාවෙන්නද මම උඹත් එක්ක
උඹට හිනෙහෙන උඹේ ඉරණම මතක් වෙන විට...

ඒත් උඹට
යළි ජීවිතය ගොඩනගන්න
කරන්නෙමු අපි.. අපට හැකි හැමදේම..
මොකද උඹේ හදවත හැදිලා තිබුනෙ රත්තරන් වලින් නිසා..
අපි ඔක්කොම ඒ රත්තරන් වලට ලෝබ කමෙන් ඉදපු නිසා...

ඒත් උඹට යන්නම ඕන උනොතින් ..
උඹ යන්නෙ දිව්‍ය ලෝකයට කියලා
දිවුරන්නම් මම ඕනම තැනක.. මගෙ ජීවිතය ඔට්ටු තියලා...
ඒත් උඹට යන්නම ඕන උනොතින් ..
ගියපු තැන පොඩ්ඩක් නතර වෙලා ඉදපන්
මම එනවා උඹව හොයාගෙන..
ඒ ලෝකෙදි උඹ
මගෙම මල්ලි කරගන්න...








ROUTERS ගැන තොරතුරු ටිකක්..(දෙවන කොටස)

Roters ගැන ලියපු පළවෙනි ලිපියට ලැබුනු ප්‍රතිචාර නිසාම ඒ ලිපි පෙළ දිගටම ලියන්න හිතුවා. අද අපි ROUTER එකේ සැකැස්ම, අතුරු මුහුණත්(Interfaces), ROUTER එකක් network එකට සම්භන්ධ වෙන විදිය වගේ දේවල් ටිකක් කතා කරමු.


ඉහතින් තියන රූපයෙන් දැක්වෙන්නෙ ROUTER එකක් සංකේතාත්මකව දක්වන ආකාරය. Network වල රූපසටහන්වල ROUTER එක දක්වන්න මේ සංකේතය තමයි භාවිතා කරන්නෙ.
වර්තමානයේ Networking වලදි භාවිතා වෙන ප්‍රධානම Network වර්ග දෙක තමයි LAN (Local Area Network) සහ WAN (Wide Area Network) කියන්නෙ. නමෙන් කියවෙන විදියටම කෙටි දුරක විහිදිලා තියන Network සදහා LAN කියන ක්‍රමයත්, ඉතා දුරින් පිහිටල තියන Network එකක් හා සම්භන්ධ කරන්න WAN කියන ක්‍රමයත් භාවිතා වෙනවා.
ROUTER එක මේ Network දෙකටම සහයෝගය දක්වනවා. මේ සදහා ROUTER එක ethernet හා serial කියන අතුරු මුහුණත්(interface) දෙක භාවිතා කරනවා. ethernet අතුරු මුහුණත මගින් LAN network එකටත්, serial අතුරු මුහුණත මගින් WAN network එකටත් සම්භන්ද වෙනවා. පහත රූපයෙන් දක්වල තියෙන්නෙ 2620XM වර්ගයේ ROUTER එකක ඒ අතුරු මුහුණත් වර්ග දෙක පිහිටල තියන ආකාරය..




ROUTER එකක දළ සැකැස්ම
මේ ROUTER එක serial port 2කින් හා එක ethernet port එකකින් සමන්විතයි. ethernet port එකට දකුණු පසින් පිළිවෙලින් console port එකත්, aux port එකත් පිහිටල තියෙනවා.
console port - ROUTER එක initialize කිරීම
aux port - moderm එකක් හරහා දුර බැහැර ප්‍රදේශයක සිට ROUTER එක initialize කිරීම.( උදාහරණයක් විදියට කම්පැනියක ගාල්ලෙ ශාඛාවෙ තියන ROUTER එකක් කොළඹ ප්‍රධාන ශාඛාවෙ ඉදන් initialize කරන්න පුලුවන් මේ හරහා.)
මේ port දෙකටත් දකුණු පසින් on/off switch එක දකින්න ලැබෙනවා.

ඊළග කාරණය තමයි ROUTER එක මේ අතුරුමුහුණත් හරහා විවිධ network වලට සම්භන්ධ වෙනවනම් මෙම අතුරුමුහුණත් වලට ip ලබා දීලා තියෙන්න ඕන. නමුත් අපි ROUTER එක අරගෙන මුලින්ම ක්‍රියාත්මක(switch on ) කරනකොට මේ අතුරුමුහුණත් වලට ip සකස් වෙලා නෑ. ඉතින් කොහොමද ip සකස් කරගන්නෙ..? ඒකට තමයි කියන්නෙ ROUTER එක initialize(පළමුව ඇරඹීම ) කරගන්නව කියලා. ඒ මගින් අපිට අවශ්‍ය විදියට ඒ ඒ අතුරුමුහුණත් සදහා ip සකස් කරගන්න පුලුවන්.

ROUTER එක initialize කිරීම.
මේ සදහා ROUTER එකට අමතරව terminal කියන උපාංගයත් යොදා ගන්නවා. terminal එක කියන්නේ input output පමණක් ඇති උපාංගයක්. නමුත් අවශ්‍යනම් අදාල මෘදුකාංග ක්‍රියාත්මක කරගැනීමෙන් අපිට පරිඝනකයත් terminal එකක් විදියට භාවිතා කරගන්න පුලුවන්. ROUTER එක තුල කුඩා ප්‍රමාණයේ processer එකක්, ram එකක්,cache එකක්, වගේම ROUTERට අදාල OS එක ගබඩා වෙලා තියන flash drive එකකුත් අඩංගු වෙනවා.
initialize කිරීමේදී ROUTER එක switch on කර එහි ඇති console port එක (ඉහත රූපයේ ethernet අතුරුමුහුණතට දකුණු පසින් ඇති port එක ) හරහා terminal එකකට සම්භන්ධ කරගන්නවා. ඉන්පසු එම terminal එක හරහා ROUTER එක ‍initalize කර ගැනීම සිදු කරනවා. මෙහිදී අපිට අවශ්‍ය විදියට අතුරුමුහුණත් සදහා ip,bandwidth,clock rate,encapsulation mode වගේ දේවල් සකස් කරගන්න පුලුවන්.
මෙහිදී සිද්ධ වෙන්නෙ ROUTER එකේ OS එක load වෙලා අපි සකසන ip,bandwith,.... අගයන් ram එකේ තියාගෙන වැඩකරන එක. දළ අදහසක් විදියට ගත්තොත් මෙතනදි ROUTER එක සාමාන්‍ය පරිඝනකයක් වගේ සලකන්න පුලුවන්.

initialize කරගත්තට පස්සෙ ROUTER එක ඕනම network එකකට සම්භන්ධ කරලා වැඩකරගන්න පුලුවන්.