එදා උඹ කුරුලු පැටියෙක්...ජීවිතේ වසන්තය හොයපු...
උණුසුමක් නොතිබුනු උඹ උපන් කැදැල්ල උණුසුම් කරන්න වෙර දරපු...
දුක් විදින උඹෙ අම්මට නංගිට අනාගතය වෙච්ච...
අපි හැමෝටම අහිංසකකමේ පාඩම කියාදුන්න...
එහෙව් උඹට අද එරෙහි වෙලා ස්වභාව ධර්මයය, කපා දමලා උඹෙ අත්තටු දෙකම..
උඹෙ පිරිසිදු හිත,අහිංසක හදවත,අධිෂ්ඨානය ස්වභාව ධර්මයය පරද්දපු නිසා වෙන්න ඇති..
සාපවේවා ස්වභාව ධර්මයයට..මේකද උඹේ සාධාරණත්වය !!!
අද උඹ කුරුලු පැටියෙක්... ජීවිතය සොයන...
උඹෙ සුදුමැළි ගත..
මළානික වු උඹේ වත..
ඉරණමට බියෙන් වෙවුලන උඹෙ අහිංසක සිත.. අහිංසක සිත..
දවා අලුකරයි මා... අපි සැවොම...
මුහුණ දිහා බලාගෙන හිනැහෙන විට උඹ මාත් එක්ක
අවංක හිතින් කොහොම හිනාවෙන්නද මම උඹත් එක්ක
උඹට හිනෙහෙන උඹේ ඉරණම මතක් වෙන විට...
ඒත් උඹට
යළි ජීවිතය ගොඩනගන්න
කරන්නෙමු අපි.. අපට හැකි හැමදේම..
මොකද උඹේ හදවත හැදිලා තිබුනෙ රත්තරන් වලින් නිසා..
අපි ඔක්කොම ඒ රත්තරන් වලට ලෝබ කමෙන් ඉදපු නිසා...
ඒත් උඹට යන්නම ඕන උනොතින් ..
උඹ යන්නෙ දිව්‍ය ලෝකයට කියලා
දිවුරන්නම් මම ඕනම තැනක.. මගෙ ජීවිතය ඔට්ටු තියලා...
ඒත් උඹට යන්නම ඕන උනොතින් ..
ගියපු තැන පොඩ්ඩක් නතර වෙලා ඉදපන්
මම එනවා උඹව හොයාගෙන..
ඒ ලෝකෙදි උඹ
මගෙම මල්ලි කරගන්න...