/*--------------------------------------------------------------------------------*/

ROUTERS ගැන තොරතුරු ටිකක්..


බ්ලොග් එකේ තාක්ෂණික සටහන් පෙල Routers ගැන ලියල පටන් ගන්න හිතුවා. එහෙනම් Routers ගැන තොරතුරු ටිකක් හොයල බලමු.
Router එකක් කියන්නෙ Hardware device එකක් හරි Software Program එකක්. මුලිකව Router එකෙන් කරන්නෙ නෙට්වර්ක් අතර data packet හුවමාරු කරන එක. අපි හිතමු ඔබ අන්තර්ජාලයෙන් යම් කිසි දත්තයක් ඉල්ලනවා. එක තියෙන්නෙ ඇමෙරිකාවෙ server එකක. මේ දත්ත ඔබේ පරිඝනකයට පැමිණිය හැකි මාර්ග විශාල ප්‍රමානයක් තියනවා. ඒ අතරින් කෙටිම හා වේගවත්ම මාර්ගය(route එක )සාදා දෙන්නෙ Routers මගින්. කොටින්ම කිව්වොත් අන්තර්ජලයේ traffic කාරයෝ තමයි Routers කියන්නෙ. එම data packets ඔබේ පරිඝනකයට පැමිනෙන විට Routers විශාල ස0ඛ්‍යාවක් පසු කරනවා.

Routers භාවිතයේ සරල අවස්ථාවක් සලකල බලමු. Organization එකක් හරි company එකක් හරි ඇතුලෙ network එක පරිපාලනය කරන ආකාරය .
උදාහරණයකට 3D graphics නිර්මාණ කරලා ඒවා අලෙවි කරන company එකක් සලකමු. මේකෙ ඉන්නව designersලා හතර දෙනෙකුයි, අලෙවිකරන්නන් හතර දෙනෙකුයි.8 දෙනාට computers 8කුත් තියනවා. මොවුන් එකම නෙට්වර්ක් එකකට සම්භන්ද කරලා ඇතියි හිතමු. දැන් කවුරු හරි designersලා දෙන්නෙක් විශාල graphic file එකක් හුවමාරු කරගන්නව කියලා හිතමු. මේක ආරම්භයෙදිම නෙට්වර්ක් එකෙ තියන ඔක්කොම computers මේ data හුවමාරුව ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම data හුවමාරුව වෙනකොට ඒක මුලු නෙට්වර්ක් එකටම බලපානවා. නෙට්වර්ක් එකේ ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේ data හුවමාරුවට වැයවෙනවා. ඒක නිසා අනිත් computers 6ටම අදාළ network speed එක අඩු වෙනවා.
මේකට විසදුමක් තමයි designersලා හා අලෙවිකරුවන් network 2කට වෙන්කරලා Router එකකින් සම්භන්ධ කරන එක.


දැන් කලින් විදියට designersලා දෙන්නෙක් අතරෙ file එකක් හුවමාරු කරන්න ඉල්ලීමක් ආවොත් Router එක තේරුම් ගන්නව මේක designersලගේ network එකේ data හුවමාරුවක්, මේකට අනෙක් network එක(අලෙවිකරන්නන්ගෙ network එක ) සම්භන්ද වෙන්නෙ නෑ කියලා. ඒ අනුව එම network එකට බලපෑමක් සිද්දනොවී designersලගේ network එක ඇතුලෙ data හුවමාරු වෙනවා. මේක අලෙවිකරුවන්ට ලොකු වාසියක්. මෙතනදී ඇත්තටම සිද්ද වෙන්නෙ network දෙකක් අතර data හුවමාරු පාලනයක්. සීමා කිරීමක්.

එහෙනම් දැනට ඇති වගේ නේද? මේ වගේම Routers වල තවත් ප්‍රායෝගික භාවිතයක් ගැන ඊළග ලිපියෙන් කියවමු.

ROCKEY


ROCKEY කියන්නෙ boxing ක්‍රීඩකයෙක්ගෙ ජීවිතය ගෙන කියෙවෙන චිත්‍රපට මාලවක්(චිත්‍රපට 5ක් තියෙනවා). මේකත් හොලිවුඩ් වල ජනප්‍රිය චිත්‍රපට රටාවක් වෙන 'වීරයෙක් වටා ගෙතුනු' මාදිලියෙ චිත්‍රපට මාලවක්.
නමුත් මම මේ චිත්‍රපට මාලාව ගෙන කතා කරන්න හිතුවෙ, මේක ජනප්‍රිය කතා රටාවක් අනුව බිහිවුනත් ඉන් ඔබ්බට ගිය ගිය මානයන් ගොඩක් මෙහි අන්තර්ගත වෙන නිසා. ගොඩක් හොලිවුඩ් චිත්‍රපට වල වීරය කියන්නෙ සාමාන්‍ය ජන ජීවිත්යෙන් ඈත් වුන කෙනක්. ඔහු වැඩිය හිනාවෙන්නෙ නෑ. කතා කරන්නෙ නෑ. ඉන්නෙ කොහෙද? කන්නෙ බොන්නෙ බොන්නෙ මොනවද? කියලා කවුරුත් දන්නෙ නෙ. ඔහුට වෙඩි වදින්නෙ නෑ.නමුත් ඔහු තියන එකම වෙඩිල්ලකවත් target එක miss වෙන්නෙත් නෑ. ඔහු යම් පමණක ඕපපාතිකයෙක්.
ඒත් මේ චිත්‍රපට මාලවෙ වීරයා වන Rockey Balboa(Sylvester Stallon) දුප්පත්ව ඉපදුන කෙනෙක්. ඔහු සතු සාමාන්‍ය මිනිසා අබිභවා ගිය විශ්මයජනක හැකියාවන් කිසිත් නෑ. නමුත් තමන් සතු අප්‍රතිහත දයිර්යයත් මුදලට වඩා මනුෂත්වය අගයන මිනිසුන්ගෙ උදවුත් නිසා ඔහු ලෝක බොක්ෂින් කිරුල තමා සතු කර ගන්නවා. ඒ හා බැදුනු සිද්දීන් හා ඉන් පසු ඔහු මුහුන දෙන සිද්දීන් චිත්‍රපට මාලව හරහා දිගහැරෙනවා. හැම තත්පරයකදිම ප්‍රේක්ෂක අවධානය රදවගන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විශිෂ්ට ලෙස සමත් වෙලා තියනවා. චිත්‍රපටය තිරය මත ප්‍රතිනිර්මාණයත් විශිෂ්ටයි. රූපරාමු වල ප්‍රායෝගික බව ඉතාම ඉහලින් ආරක්ෂා කරගෙන තියනව.
Rockey Balboa කියන චිත්‍රපටයේ වීරයා, ප්‍රේක්ෂකයන්ගේ වීරයා කරන අතරෙ ඔහු තුලින් අධ්‍යක්ෂකවරයා, මිනිස් ගති ස්වභාවයන් ගැන විශ්ලේෂනයක යෙදෙනවා. මිනිසා සතු මානුෂීය බැදීම්, ආකල්ප පරිවර්තනයන් යහපත් ලෙස සිදුවිය යුත්තේ කෙසේද, කියන පණිවුඩය ඔහු ප්‍රේක්ශකයා වෙත ගෙන එනවා.
මෙම සිනමා නිර්මානය Oscar,Eddie,ASCAP Award,Award of the Japanese Academy,BAFTA Film Award,David,Golden Globe,KCFCC Award ආදී සම්මාන උළෙල වලදී Best Director,Best Film Editing,Best Picture,Best Foreign Language Film,Best Actor,Best Editing,Best Screenplay ආදී සම්මාන රාශියක් හිමිකර ගෙන තියනවා. Rockey Balboa චරිතය නිරූපණය කරන Sylvester Stallon අති විශාල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් හිමි කර ගන්නවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා Oscar සම්මාන උළෙලෙදි හොදම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මාන හිමි කරගන්නවා.
මම හිතන්නෙ ඔබ සිනමා ලෝලියෙක් නම් අනිවාර්යෙන්ම Rockey අරගෙන බලන්නම ඕන. මොකද ඒක හොලිවුඩ් සිනමාවෙ මෙතෙක් බිහිවුන විශිෂ්ටතම නිර්මාණයක් වෙන නිසා.

අන්තිමේ පටන් ගත්තා...


බ්ලොග් එකක් ලියන්න ඕන කියල මට හිතුනා.ගොඩක් ඉස්සර දවසක.ඒත් කම්මැලි කමට වැඩේ කල ගියා.කොච්චර කල් ගියාද කිව්වොත් අවුරුද්දක්ම කල් ගියානෙ.කල්ගියා කියල බෑනෙ.පරක්කු වෙල හරි හැමෝටම ආයුබෝවන් කියල වෑඩේ පටන් ගත්තා එහෙනම්.......